වෙස් ගත් මිනිසුන්. Owen Jones

Чтение книги онлайн.

Читать онлайн книгу වෙස් ගත් මිනිසුන් - Owen Jones страница 17

වෙස් ගත් මිනිසුන් - Owen Jones

Скачать книгу

      “ඩා නැන්දා, හෙන්ග්ගේ තත්වය ගැන ඔයා සිතන්නේ මොකක්ද?”

      “මම හිතන්නේ එය සිත් ඇදගන්නා සුළුයි… ඇත්තෙන්ම ඉතා සිත් ඇද ගන්නා සුළුයි. ඊයේ, හෙන්ග් මරණයේ දොරට තට්ටු කරමින් සිටපු බව ඔයාට පෙනෙන්න ඇති, නමුත් දැන් ඔහු පැයෙන් පැයට වඩ වඩා ක්‍රියාශීලී වෙමින් ඉන්නවා, නමුත් එයා අපි හැමෝම හොඳින් දැනගෙන සිටිය හා ආදරය කළ හෙන්ග් විදිහට පෙනෙන්නේ නැහැ.”

      “මෙම අලුත් හෙන්ග් මොන වගේද කියා අපට පස්සේ දැනගන්න ලැබෙයි, එහෙම නැත්නම් මේ අලුත් ආහාර වේලට පුරුදු වෙලා නැවත ලේ වර්ධනය වුනාම සමහරවිට පරණ කෙනා මතුවෙයි.”

       “ඔබේ අනුමානය මගේ තරම් හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මේ කාරණය මට අලුත් බවත්, ඒ අනුව මම ක්‍රියා කරන බවත් මම පිලිගන්නවා. මගේ අධ්‍යාත්මික මිතුරන්ගේ යෝජනා කිහිපයක් තිබුනා, ඒත් එයාලගෙන් එක්කෙනක් කියුවා හෙන්ග්ව මරා දමන්න එතකොට එයාට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් කියලා.”

       “ඔයා ඒ යෝජනාව ගැන සිතන්නේ මොකක්ද, වැන්?”

      “එර්.., අවංකව කීවොත්, ඒක තරමක් දරුණු පියවරක් කියලා මම හිතනවා, නැද්ද ඩා නැන්දා?”

      “ඔව්, මම ඔයත් එක්ක එකඟ වෙනවා, ඒ නිසයි මම ඒක යෝජනා නොකළේ, නමුත් දේවල් සුමටව සිදුවෙන්නේ නැත්නම් ඒක අපිට තියන විකල්පයක්.”

      මෙම සංවාදය පුරාම හෙන්ග් නිදා සිටින බවක් පෙනෙන්නට තිබුණත් කාන්තාවන් එය පරීක්ෂා කර බැලීමට ගියේ නැත.

      “ඔයා හිතනවද එයා දුක් විඳිනවා කියලා, ඩා නැන්දා?”

      “එයා සාමකාමීව ඉන්නවා කියලා තමයි පෙනෙන්නේ, එහෙම නෙමෙයිද? එයා දැන් ආයෙත් කතා කරනවා ඒත් කිසිම අපහසුතාවයක් ගැන කියලා නැහැනේ, මම ඔයා නම් මම එයාගේ ශාරීරික තත්වය ගැන ඕනෑවට වඩා කරදර වෙන්නේ නැහැ, නමුත් ඔයා අනිත් හැමෝටම වඩා එයා ගැන දන්න නිසා ඕනෙම මානසික වෙනසක් දැක්කම මට කියන්න, අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.”

       “හරි, ඩා නැන්දා, මම ඒක කරන්නම්. බලන්න, ඔයාට වෙනත් වැඩ කටයුතු තියන නිසා අපි ඔයාව තවත් තියාගන්න කැමති නැහැ. ළමයින් නම් හරි පුදුමාකාරයි - එයාලා අපේ සියලු වැඩ භාරගෙන තියන නිසා මට හෙන්ග් සමඟ වාඩි වී ඉන්න පුළුවන්, ඒත් ඔයාව

Скачать книгу