සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship

Чтение книги онлайн.

Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 16

සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship

Скачать книгу

ඔවුන් ඉවත් කිරීමෙන් මහා අවුල් ජාලාවක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණි. එය කවදා හෝ සිදු වුවහොත් මිනිස් මනෝභාවය අඳුරු යුගයට ආපසු යනු ඇත.

      සී.අයි.ඒ. සංවිධානයේ අද්භූත ජීවින් පිලිබඳ සොයාබලන ආයතනය තුළ ඇති න්‍යාය පත්‍රයට අනුව නම් මොවුන් සමගද කටයුතු කලයුත්තේ හඳුනා නොගත් පියාසර වස්තු සහ පිටසක්වල ජීවීන්ගේ හමු වීම් සමඟ ඔවුන් කටයුතු කළ ආකාරයටමය; එනම්, එයට මුහුණ දීම, ජනතාවගෙන් වසන් කිරීම, වෙනත් කරුණකින් එය ආවරණය කිරීම මගිනි. මාරුවෙන්නන්ට වඩා නරකවූද, නමුත් මනුෂ්‍යත්වයට හොඳින් ගැලපෙන්නාවූ වෙනත් දේ බොහෝමයක් තිබුනි ... වෙනත්, භයානක ජීවීන් මිනිසා නරක ත්‍රාසජනක චිත්‍රපට මගින් නිර්මාණය කල මෙන්ම මිනිසුන්ට තවමත් අවබෝධයක් නොතිබූ ජීවින්.

      නමුත් මිනිසුන් අතුරුදහන් වී හෝ මිය යාමට පටන් ගත් විට, ඔහු අයත්වූ කණ්ඩායම යොදවා කුමක් සිදුවන්නේ දැයි සොයා බැලීමට ඔවුහු උත්සාහ කළහ.

      ඩෙවෝන් තම කූඩුව තුළ සිටි ගැහැණිය අතහැර දමා පොලු අසලට ගොස් යමෙකු දෙස බලා සිටිනු දුටු ට්‍රෙවර් ඔහුගේ බැල්ම යොමුවී ඇත්තේ කාවෙත දැයි බැලීය. ශක්තිමත් පිරිමින් සමූහයකින් වටවී, කූඩුවට පිටදී වාරු වී සිටින එන්වීව දුටු විට ඔහුගේ රුධිර පීඩනය ක්‍ෂණිකව අංශක කිහිපයකින් ඉහළ යන බව ඔහුට දැනුණි.

      මොන මගුලක්ද එයා මෙහි කරන්නේ? ඔහු දෙවරක් නොසිතා තම නර්තන හවුල්කරුවන් අතහැර සමූහයා මැදින් ඇය දෙසට ගියේය.

      ඔහුගේ අවධානයට ලක් වූ ගැහැණිය, තමා පිටුපස තිබූ මැදිරියෙහි පොලු අල්ලා ගැනීම සඳහා දෑත් ඔසවන විට ඩෙවෝන් ඔහුගේ උගුරෙන් මද හඬක් නැගුවේය. මුළු සමාජ ශාලාවේම සිටින සියල්ලන්ගේම උණුසුමට වඩා ඇයගේ උණුසුම ඔහුට දැනුන අතර එය ඔහුට ආමන්ත්‍රණය කරනවා යැයි හැඟුනි. ඔහුගේ ඇඟිලි ඇයගේ ඇඟිලි මත තබා, ඉන්පසු තම දෑත් කූඩුවේ පොලු අතරින් එලියට දමා ඇයගේ දෑත් දිගේ තම දෑත් පහලට ලිස්සා යැව්වේය.

      සරාගී

Скачать книгу