සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship
Чтение книги онлайн.
Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 18
ඇතුළුවූ දොර වැසී අගුලු වැටීමට පෙර එන්වී හට හැරී බැලීමට කාලයක් නොතිබිණි. කාමරයේ තිබූ රූපවාහිනී තිරයන්ගෙන් විහිදුණු එළියෙන් ඇය දුටුවේ කූඩුවේ සිටි පුද්ගලයා තමා සමග සිටින බවයි. කතා කිරීමට ඇය තම කට ඇරියද ඔහු ඇයව නැවැත්වීය.
"මම සිතුවේ ඔයා කාර්යාලයේ ආරක්ෂාවෙලා ඉඳගෙන ඔයා කරපු වැඩේ දිහා බැලුවොත් හොඳයි කියලයි", ඩෙවෝන් සිනාසෙමින් එක් රූපවාහිනී තිරයක් දෙසට ඇඟිල්ල දිගු කළේය.
එන්වී තිරය දෙස බැලුවේ, ට්‍රෙවර් ඔහුගේ ඉකිලි ප්‍රදේශය අල්ලාගෙන සිටින ආකාරය දුටු විට ඇයට සිනායනු ඇතැයි සිතමිනි ... නමුත් ඒ වෙනුවට ඇයට ඔහු ගැන දැනුනේ දැඩි ශෝකයකි. ඇගේ හදවත අඟල් කිහිපයක් පහත වැටී ඇති බවක් ඇයට දැනුනි. ඔහු වේදනාවෙන් සිටින බව දුටු එන්වී, මොනිටරයේ ශබ්දය නොමැති වීම ගැන සතුටු වූයේ ඔහු කියන දේ දැන ගැනීමට ඇයට අවශ්‍ය නැති බව ඇයට නිසැකව පසක් වූ බැවිනි.
සමූහයා අතරින් චැඩ් සහ ජේසන් පැමිණ නැගී සිටීමට ඔහුට උදව් කරන අයුරු ඇය නිහඬව බලා සිටියාය. ඔවුන් කියන දේ ඇයට පැවසීමට නොහැකි වූ නමුත්, තත්පර කිහිපයකට පසු ට්‍රෙවර්, ඔහු ටේසරයෙන් පහර කෑමට පෙර සිටියාට වඩා වැඩි ශක්තියකින් චැඩ්ව වේගයෙන් ඔහුගෙන් ඉවතට තල්ලු කළ විට ඔවුන්ගෙන් එක් අයෙකුට හෝ තුවාල වීමට පෙර එදෙසට යාමේ අදිටනින් ඇගේ දෑස් නැවත දොර දෙසට යොමු විය.
නර්තන ශිල්පියා, ඇය සහ දොර අතර සිටගෙන සිටි අතර අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස තම හිස සොලවනවා දුටු එන්වි, මොනිටරය දෙස ආපසු හැරී බැලූ අතර, ට්‍රෙවර්ගේ දෑත් හිරකර අල්ලා ගත් ජේසන් දැක ඇත්තෙන්ම පුදුමයට පත් වූ අතරම චැඩ් ඔහුට මාංචු දමනවාද දුටුවාය.
මෙයාකාරයෙන් බොළඳ වීම පිළිබඳව තමා කෙරෙහිම තරහක් දැනෙන බව තේරුම්ගත් ඇය, චැඩ් වෙතට ගොස් ට්‍රෙවර් හට යන්නට ඉඩ දෙන ලෙස ඉල්ලීමට දොර දෙසට ගමන ආරම්භ කළාය. ඔහු නැවතත්, ඇගේ අත අල්ලා ගත්තේය. පැහැදිලිවම මේ ක්‍රියාදාමයන් ආරම්භ