සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship

Чтение книги онлайн.

Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 21

සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship

Скачать книгу

උත්සාහ කළ අතර, පෙනුම මත රඳා පවතිනවාට වඩා ඔවුන් දැන් සුවඳ කෙරෙහි විශ්වාසය තැබීමට හේතුව එය විය. නීති අංක එක ... අයිතිකරුගේ අවසරයක් නොමැතිව වැම්පයර්වරුන් ඇතුලට ගත නොහැක.

      “ඔයාට මෙහෙ තියන කාරනාව මොකක්ද?” නික් ඇසුවේ ඇතුලට යාම සඳහා එතැන බලාසිටි මිනිසුන් වෙනුවෙන් වෘත්තීයමය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි. එම මිනිසා හිස දෙපසට වනා නපුරු සිනහවක් නැගූ අතර නික්ගේ උදරය වෙව්ලන්නට විය.

      "මම ඇතුළට යන්න කැමතියි." තම කළු ඉංගිරියාව විශාල කරමින්, වැම්පයර්වරුන්ගේ බලහත්කාරය යටතට පත් විය හැකි ඕනෑම අයෙකුව තම බලතල උපයෝගී කර ගනිමින් යටත් කරගන්නා ආකාරයට රැව්න් පැවසීය.

      නික් ඔහුගේ ඉහළ සිට පහළට බැලුවේය. ඒ තැනැත්තා කළු පැහැති කෙස් කළඹක් සහිතව එහි කෙරවලවල් නියොන් රෝස පැහැ ගන්වා සිටි අතර ඒවා ඔහුගේ මුහුණට පහළින් එල්ලී තිබුණි. ඔහු තරුණ කෙනෙකු විය; බොහෝ විට විසිපහක් වත් නැති පෙනුමක්, ඉතා සුදුමැලි සම සහ ඔහුගේ ඇස් වටා තද අයි ලයිනර් තිබුණි. ඔහුගේ තොල් කළු ලිප්ස්ටික් වලින් ආලේප කර තිබූ අතර ඔහුගේ නියපොතු පවා කළු පැහැයෙන් වර්ණාලේප කර තිබුණි.

      "සමාවෙන්න මහත්මයා ..." නික් වැම්පයර්ගේ සෑම චලනයන් දෙසම බලා සිටිමින් පැවසුවේය. ප්‍රමාණය හෝ වයස කුමක් වුවත් වැම්පයර්වරුන් ඉතා අනතුරුදායක වූ අතර ඒවා අවතක්සේරු නොකළ යුතුය.

      “රැව්න්, මට රැව්න් කියලා කියන්න,” මිනිසා පිළිතුරු දෙමින් පැවසුවේ ඔහුට ජගුවරයෙකුව කෙතරම් දුරකට තල්ලු කළ හැකිදැයි කල්පනා කරමිනි.

      "සමාවෙන්න රැව්න්, අපි අද උපරිමයටම පිරිලා." නික් පැහැදිලි කළේ, ඔහුගේ ඇඟිලි තම කබායේ සාක්කුව තුලවූ කුඩා පිස්තෝලය මත තබමිනි. එහි තිබූ හිස් රිදී උණ්ඩ, ශුද්ධ වූ ජලයෙන් පුරවා තිබුණි. ඔහුගේ තොල් කෙලවරේ කෘෘර සිනහවක් මතුවුයේ, තම යටි බාහුවට බැඳ තිබූ කිනිස්සෙහි ලී මිට ඔහුට දැඩිව දැනුනු නිසාය.

      "එහෙනම්

Скачать книгу