සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship
Чтение книги онлайн.
Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 20
ඔහු පිළිතුරු දුන්නේ, "ඩෙවෝන් සැන්ටොස්," කියා වන අතර ඇය ඔහුව නවත්වන්නට පෙර දොරෙන් පිටතට අතුරුදහන් විය.
නික්ගේ සුවඳ දැනුන නිසා ඔහු දොරෙන් පිටතට වී බලා සිටින බව ඔහු දැන සිටියේය. ඇයගේ අයදුම්පත නික් වෙත භාර දෙමින් ඩෙවෝන් ඔහුට දන්වා සිටියේ, "අපට අලුත් බාර් ටෙන්ඩර් කෙනෙක් ඉන්නවා" කියා ය. තම සහෝදරයා දැනටමත් පරීක්ෂා කළ දේම තමාද පරික්ෂා කරන බව දැන නික් කඩදාසියේ තිබූ දේ දෙස බලා සිටියේය.
නික්, වැම්පයර් කණ්ඩායම් කිහිපයක් එලවා දමා තිබු අතර එක් වැම්පයරයෙකු ඒ අතරින් ලිස්සා ගොස් තිබුන බැවින් ඔහුගේ රාත්‍රී මනෝභාවය විනාශ වී තිබුණි. ඔහු වැම්පයර්වරුන්ට හා ඔවුන් සමඟ ගැවසීමට තරම් මෝඩවූ ඕනෑම මනුෂ්‍යයෙකුට වෛර කළේය. මෙම ගැහැණු ළමයා ඔවුන් සමඟ ඇසුරු කළ බවට කිසිඳු ඇඟවීමක් අයදුම්පතෙහි නොදැකීම මෙන්ම එම දැරිය නිසා තම සහෝදරයාගේ ශරීරයේ වූ උද්දීපනය දැනීම නිසා නික්, ඩෙවෝන්ට තමාගේම කටයුතු කිරීමට ඉඩ දීමට තීරණය කළේය.
ඔහු අවසානයේදී අයදුම්පත ආපසු දුන්නේය, "ටේසර් එක ගෙදර තියාගන්න කියලා එයාට කියන්න." නික් සිය සහෝදරයා දෙස මොහොතක් බලා, "කැට් කිව්වේ, මේ ළමයා ටේසර් කරපු කෙනා එයාගේ පෙම්වතා කියලත්, මාංචු දාලා එයාව අරගෙන ගිය කෙනා එයාගේ සහෝදරයා කියලත්” ය.
“ඒ පෙම්වතා ළඟ තුවක්කුවක් තිබුණා. මට ඒකෙ සුවඳ දැනුනා.” ඩෙවෝන් උරහිස් ගස්සා පිළිතුරු දුන්නේය. “සමහර විට ඒකා එච්චර හොඳ පෙම්වතෙක් වෙන්න නැතුව ඇති" ඔහුගේ දෑස් පියාගෙන ඔහු නැවත කීවේය.
"ඔයා එයා ළඟ ටිකක් ප්‍රවේශම් වෙලා ඉන්න ඕනේ වෙයි." නික් හිස සැලුවේ ඔහුගේ සොහොයුරාගේ දෑස් තුළ පෙරටත් වඩා උනන්දුවක් දිස්වූ විට ය. "ඔයාට එයාව ඕනේ නම්, එයා මෙහෙ ඉන්නකොට එයාව පාලනය කරන එක ඔයාට භාරයි." වැම්පයර් වරුන්ගේ සුවඳ දැනුනු නික්, දත්මිටි කමින් තව කිසිවක්