මළවුන්ගේ මධ්‍යස්ථානය. Owen Jones
Чтение книги онлайн.
Читать онлайн книгу මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones страница 25
“ කොහොම හරි, මේක පුපුරුවා ගන්න ස්විච් එක අතේ තියාගන්න එකක් නෙමෙයි. මොකද එතන ඉන්න ආරක්‍ෂක නිලධාරින් හොඳට පුහුණුව ලබපු අය. එයාලා ඒවා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා, ඒ වගේම සාක්කුවේ අත දාගෙන ඉන්න අය ගැනත් හොඳට විමසිලිමත් වෙනවා. කබායේ තියන උඩ බොත්තම එබුවම තමයි, අපේ ඒවා ක්‍රියාත්මක වෙන්න හදලා තියෙන්නේ. ඒකෙන් විදුලි පරිපථය සම්පූර්ණ වෙලා, ඩෙටනේටරය ක්‍රියාත්මක වෙලා පුපුරලා යනවා. බය වෙන්න එපා. ඒ සියල්ලටම නැනෝ තත්පර කිහිපයකටත් අඩු කාලයක් තමයි ගත වෙන්නේ. ඒ නිසා ඔයාට ඩෙටනේටර් වෙනවා දැනෙන්නෙත් නැහැ.”
“මුළු උපාංගයම බල ගැන්වෙන්නේ වෝල්ට් නවයේ PP9 බැටරියකින්. ඒක කබායේ, උඩම සාක්කුවේ තමයි තියෙන්නේ. මෙතන තමයි තැන.”
“ඒක ඇතුලට දැම්මට පස්සේ, ආයේ අයින් කරන්න බැහැ. ගන්න උත්සහා කරොත් එහෙම ඒක පුපුරලා යනවා. මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කරන්න උපකාර වන තවත් අධි තාක්‍ෂණ විශේෂාංග එකක් හෝ දෙකක් තියනවා. නමුත් ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න මට අවසර නැහැ. කොහොම උනත්, මම කියන්න ඕනේ එක දෙයක් තියනවා. මේ ජැකට් එක සන්නද්ධ කරාට පස්සේ, ඔයාට ජීවත් වෙන්න බැහැ. අවසාන මොහොතේ ඔයාගේ අදහස වෙනස් කරන එක වලක්වන්න කරපු දෙයක් ඒක.”
“මම මේ බැටරිය මේ සාක්කුවේ තියෙන රඳවනයට ඇතුළු කරපු ගමන්ම ඒකෙන් ඔයාගේ ඉරණම මුද්‍රා වෙනවා කියලා කියන එක ප්‍රමාණවත්. මොනවා වුනත්, ඔයාගේ ඉරණම මේ වන විටත් දෙවියන් වහන්සේ