මළවුන්ගේ මධ්‍යස්ථානය. Owen Jones

Чтение книги онлайн.

Читать онлайн книгу මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones страница 27

මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones

Скачать книгу

ශිල්පය අගය කරනවා වගේ, ඒවා බල බල එතන පොඩ්ඩක් නතර වෙලා ඉන්න. මම හිතන්නේ ඉලක්කය ළඟා වෙනවා මට පේනවා කියලයි. ඔයා ඉන්නේ නියම තැනයි ... පදික වේදිකාවේ පොඩ්ඩක් ඇතුළට ගිහින්, ආයෙත් රථගාල දිහාවට ඇවිදින්න ... හිමින්. හැරෙන්න එපා, මම ඔයාගේ ඇස් දෙක වෙන්නම්.”

       “ඉලක්කය ඔයාට යාර විසිපහක් පිටිපස්සෙන් ඉන්නේ, දැන් හිමින් හිමින් ළං වෙනවා, ටිකක් වේගයෙන් යාර පහළොවක දුර යන්න ... ඒක දැන් ඔයාට ඉතා ළඟයි. හරි, ඔයාව පහුකරලා යන්න ඒකට ඉඩ දෙන්න, ඒක පදික වේදිකාව හරහා ගිහින් ආරක්ෂකයා ඒක ගාවට එනකොට ඔයාට යාර පහක් විතර ඉස්සරහින් ඒක තියෙන්න ඕනේ. අන්න ඒක එතෙන්ට යනවා…”

       "ඒක ඔයා හරහා දාපු එකට ඔයාට තරහා ගියා වගේ කේන්තියෙන් බලන්න, අන්න ජනේලය පහත් වෙනවා, දැන් ඉස්සරහට යන්න රියදුරුට කතා කරන්න, දැන්!"

       මහා විශාල පිපිරීමක් සිදු වූ අතර, මෝටර් රථය ගින්නෙන් පිරී යන අයුරු ඔවුන් බලා සිටි අතර, එය ඔවුන්ගෙන් ඉවතට වීදිය දිගේ පෙරළී යාමට පෙර එහි පෙට්‍රල් ටැංකියද පුපුරා ගියේය.

      ∞

       "හොඳයි, ඒක බලාපොරොත්තු වුනා වගේම හොඳින් සිද්ධ වුනා," ගරෙග් ජනේලය වසා දැමූ නමුත් සම්පූර්ණයෙන්ම වසා නොදැමුවේය. "එන්න, බොබ්, අපි මෙතැනින් යං. රයිෆලය නැවත ඇඳ යට තියන්න, ජෙනාරෝගේ මිනිස්සු පස්සේ එක අරගනියි.”

       බොබ් කාමරයේ දොර විවෘත කළ අතර ඔවුන් ඉක්මනින් පහළ මාලයට පැමිණියහ. මහලු කාන්තාව ඇගේ ස්ථානයේ නොසිටියාය. ඇය සහ ඒ අවට අනෙක් සියල්ලන්ම වීදියේ සිටියේ මොන මගුලක් සිදුවුනා දැයි විපරම් කරමිනි. යාර තුන්සියයක් ඈතින් නවතා තිබූ ජෙනාරෝගේ කාර් රථයක් වෙත යාම ගැරෙග්ට සහ බොබ්ට පහසු කටයුත්තක් විය. ඔවුන් එයට ගොඩ වූ වහාම රථය සාමාන්‍ය වේගයෙන් පිටත් විය.

       කිසිවෙකු හෝ තමන් පසුපස එන්නේ දැයි සොයා බැලීමට ඔවුහු නගරයේ කෙටි සංචාරයක් කළ අතර පසුව ජෙනාරෝගේ නිවෙස වෙත ආපසු ගියහ.

       ජෙනාරෝ ඉස්තෝප්පුවේ, අයිස් මත ෂැම්පේන් සහ ග්‍රිල් කළ පොකිරිස්සන්, බාබකියු කළ ඉස්සන්

Скачать книгу